8/18/2009

අහෝ ඛේදයකි....!


පෘතුගීසීන් ලංකාව යටත් කරගෙන ලංදේසීන්ට පිංසිද්ද වෙන්නට උන් ලංකාවෙන් නෙරපා හරින ලදී.
එහෙම පැලපදියම් වෙන්න දඟලපු ලංදේසීන්‍ව ඉංග්‍රීසීන් එලවලා දැමූ පසු ලංකාවේ අන්තිම රජතුමාත් ලංකාවෙන් පිටුවහල් කර දැමීමට තරම් ඉංග්‍රීසීන් කාරුණික විය.
එහෙව් ලංකාවට නැවත රාජකීය නාමය මහින්ද රාජපක්ශ ශ්‍රීමතානණ් හා ඔහුගේ ලෙදර් සෙරප්පු ඔපදමන ගෝල බාලයින් විසින් නැවත රැගෙනවිත් පූජා කරවන ලදී. නව රජතුමා වූයේ මහින්ද රාජෝත්තමයාණන් වහන්සේය. පෙරලුන පිට හොඳයි කියන ජාතියේ අන්ධ දේශප්‍රේමියන් කුමක් කීවද ලංකාව නැවත රාජකීය පාලනයකට යටත් වී ඇත්තාහ. ආදී ලංකාවේ රාජ නාමයට විරුද්ධව වචයක් දෙඩීම හෝ බෙල්ල ගහලා යන වරදක් වූ නිසා රජතුමා කියන හැම මගුලටම එසේය දේවයන් වහන්ස කීමට ඇමතිවරුන් බිහිවී තිබුනි. වාසනාවකි අපිටත් දැන් රජෙකු බිහිවී ඇත. ඇමතිවරුද රජතුමාගේ දැමෙන් සෙමෙන් ගෙනයන රාජ්‍ය පාලනයට මනා සහයක් ලබා දෙන්නහුය. සතුට නිමක් නැත්තේය.
එතනින් රට වැසියන්වෙත හැරෙමු..
පසුගියදා රජතුමාට එරෙහිව කෙලියා යන වචනය යොදාගැනීම වෙනුවෙන් සාපරාධී අපහාස නීතිය යටතේ හිරේ දැමූ රට වැසියන් දෙදෙනා ඔවුනගේ නීතීඥයා විසින් ලංකාවේ රාජ්‍ය පාලනයක් නැති බව ඔප්පු කිරීමෙන් පසු නිදහස් කරන ලදී. ඇත්තටම එතකොට අපිට රජෙක් නැද්ද? එහෙනම් ඇයි ඔවුන්ව රාජපුරුෂයින් අල්ලගෙන ගියේ. ගෝමස්ද මේ රටේම වැසියෙක් බැවින් ගෝමස්ට හැඟීගියේ ලංකාවේ කොටසකට රජෙක් ඇතිවාක් මෙන්ම කොටසකට රජෙක් නැති බවය. රජෙකු ඇතැයි කියනාවුන් දේශප්‍රේමීන් වන්නා සේම රජෙකු නැතැයි කියනාවුන් දේශ ද්‍රොහීන් වන්නාය. එම හේතුව කරණකොටගෙන ලංකාවට රජෙක් නැතැයි කියන්නාවූ පිරිස රාජපුරුෂයින්ගෙන් කසපහර කා ෂොපින් බෑග් ගීලදමා මරුමුවට පත්විය යුතුය. රාජපුරුෂයින් ආක්‍රමණිකයින්ගෙන් රට මුදවා ගත් බැවින් වැසියෝ ඔවුනට සේවය කල යුත්තාහ ඔවුන්ව ඉවසිය යුත්තාහ.

ප්‍රීතී ප්‍රීතී..

එතකොට අපිටත් රජෙකු ඇත්තේ කියලා පාරම් බෑවට රජෙක් නැද්ද.
අහෝ ඛේදයකි....!

8/05/2009

පසුවදන


මුලින් ගුරු ගෙදරින් පටන් ගැනුන ලාංකීය අධ්‍යාපනය පසුව පාසල දක්වා වර්ධනය වූයේ මිනිසුන්ගේ චින්තනය මෙන්ම සාමාජීය වර්ධනයක් ලෙස මම පැහැදිලි කර ගනිමි. ඉන්දරේ විසින් ඉදිරිපත් කරන ලද කාවින්ද්‍යාගේ සටහන එම චින්තනීය විප්ලවයේ පැහැදිලි තිරිසන්භාවය මැනවින් දර්ශනය කොට ඇත.

කෙසේ වෙතත් මගේ වෑයම ඉන්දෙරේට පසු වදනක් සැපයීමය.

ලංකාව තුල වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම් කර ඇත.ඒ අනුව ලංකාව තුල ජීවත් විය යුත්තේ ලමයින් පමණි මින් මතුවට ලංකාවේ චිත්‍රපට තුලින් සමලිංගිකත්වය, ලිංගික ගැටලු, කොටින්ම ස්ත්‍රී දූෂනයක් වුවද සාකච්ඡා කල නොහැක.
එතැනින් අපි කාවින්ද්‍යා දෙසට හැරෙමු. අවුරුදු 13-15 යනු ගැහැනු ලමුන් බහුතරයක් වැඩිවිය පත්වන්නා වූ වයස් සීමාව ලෙස මගේ සීමිත ජීව විද්‍යා දැනුමට අනුව මම දැන සිටිමි. ලමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාවය පැනනැගෙන්නේ මෙම අවදියේදීය. නමුත් සිදුවනුයේ ලිංගිකත්වය හැකිතාක් සැඟවීම නොවේද ?. ද්වීතීයක ලිංගික ලක්ෂණ හා සබැඳුනු කුතුහලය නිසා කාම නරුමයන්ගේ ගොදුරු බවට පත්වීමද නිතැතින්ම සිදුවන්නේ එහි අතුරු ප්‍රතිඵලයක් වශයෙනි. ලාංකීය අධ්‍යාපන ක්‍රමය තුලින් මෙම අයිතිය ලමයින්ට නොලැබෙන හෙයින් අදාල වයස් සීමාව තුල බහුතරයක් සිසුන්හට ලිංගිකත්වය මැජික් එකක් මෙන් දර්ශය වීම මම සාධාරනීකරණය කරමි.
මා කතා කරනුයේ කාවින්ද්‍යාගේ ජංගම දුරකථනයේ අදාල චිත්‍රපට තිබුනායැයි ස්ථාවර්යේ සිටගෙනය.

එසේ නොවූවානම්.....


කාවින්ද්‍යා රෝහලට ගෙනයන විටත් ඇගේ ටයි පටිය බෙල්ලටම තදවී තිබුණි. එය බුරුල් කිරීමට මහා උගත් එකදු ගුරුවරයෙකුහටවත් නොහැකිවීද. ප්‍රථමාධාර මෙවැනි අමනොඥ ගුරුවරුන් නොදන්නවා විය යුතුය. මෙය මියුසියස් විදුහල තුල සිදුවූ ප්‍රථම දිවිනසාගැනීම නම් කමකුත් නැත. නමුත් මිනිස් ජීවිතයක් නිසා කමක් නැත්තේද නැත. මින් පෙරද ශිෂ්‍යාවක් උඩුමහලකින් පහලට පැන දිවිනසාගත් කතාවකුත් ඇත.

ලංකාව තුල තවදුරටත් මෙසේ ලිංගිකත්වය මැජික් එකක් වූවොත් මීලඟ ප්‍රතිඵලය මීට වඩා දරුණු විය හැක. මේ නිසා සිදුවන ගබ්සා මරණ ගණන් බැලීමටද නොහැක. තවත් මහා සංස්කෘතික හරඹ කරන උගතුන්ගෙන් වැඩක් නැත. අවශ්‍ය තත්වය දැන එයට පිලියම් යෙදීමය.