1/20/2010

නුවරු දැහැමෙන් සෙමෙන් වැඦඹෙත....

කතී වෙණ මීයෙන..
එකෝ වන අන්දම දැක..
සුසුම් මිස කුණුකෙල..
හෙලනු රිසිවෙද තුල මෙද්වීපය...

නා සිරි රුව දැකුම
ඇසට සුව සිරි ලබැඳ දෙන..
රූපයේ ගිලුනු කල..
‍අමතකය මට ගීයක්ද යන වග..

පංච තූර්ය අහෝසියි..
සැනසීම අහෝසියි..
රෑ නින්ද අහෝසියි..
මොණර නාදය මීට මිහිරියි...

ඈ ලබැඳි‍ හඬ ඇසී..
මට දැයි මා විපිලිසර වුනී..
හෙල බස අර්ධ වුනී..
තරංගය කන පුරා රැව්දුනී..

ජාතකය බටහිරය..
සම නම් පෙරදිගය..
ඌරුව බ්‍රිටිෂ්ය..
මුන්ගෙ දිව කණපිට හැරී ඇත..

සරු කලාවක් ඇත..
යයි ප්‍රබුද්ධ උන් අතින් අත..
පුහු සංස්කෘතිය මත..
නුවරු දැහැමෙන් සෙමෙන් වැඦඹෙත....

1/05/2010

පඩත්තල කවි

කලකදි වහලු තව කලකදි රස වේලූ
කලකදි එල වේලු කලකදි කුණු වේලු
කලකදි රජ වේලු කලකදි බලු වේලු
කලකදි ප්‍රේමි කලකදි ද්‍රෝහිය වේලු

යාචක දන්සල් දෙන උතුමාණන්
මතට තිත තැබූ හෙළ නිරිඳානන්
රටක හෙටක් සුව කරන වෙදානන්
අපේ භාරකරු ‍මහ රජිඳානන්

මම මේ හමුවට එනවා යනවා
අරලිය මල් කොල ම‍ට පෑගෙනවා
සුරා බිඳක් මගෙ තොල ගෑවෙනවා
එල්ලාවල හිමි ස‍මාව දෙනවා

ජැකයි, පාඨලියි, සෝමෙයි, රතනයි
රේණුයි කුසුමුයි කුමාරි අක්කයි,
මඩ හෝදන්නට එන ලිඳ මේකයි
මේ ලිඳ ලඟ ඇස් බී අවිවේකයි