1/20/2010

නුවරු දැහැමෙන් සෙමෙන් වැඦඹෙත....

කතී වෙණ මීයෙන..
එකෝ වන අන්දම දැක..
සුසුම් මිස කුණුකෙල..
හෙලනු රිසිවෙද තුල මෙද්වීපය...

නා සිරි රුව දැකුම
ඇසට සුව සිරි ලබැඳ දෙන..
රූපයේ ගිලුනු කල..
‍අමතකය මට ගීයක්ද යන වග..

පංච තූර්ය අහෝසියි..
සැනසීම අහෝසියි..
රෑ නින්ද අහෝසියි..
මොණර නාදය මීට මිහිරියි...

ඈ ලබැඳි‍ හඬ ඇසී..
මට දැයි මා විපිලිසර වුනී..
හෙල බස අර්ධ වුනී..
තරංගය කන පුරා රැව්දුනී..

ජාතකය බටහිරය..
සම නම් පෙරදිගය..
ඌරුව බ්‍රිටිෂ්ය..
මුන්ගෙ දිව කණපිට හැරී ඇත..

සරු කලාවක් ඇත..
යයි ප්‍රබුද්ධ උන් අතින් අත..
පුහු සංස්කෘතිය මත..
නුවරු දැහැමෙන් සෙමෙන් වැඦඹෙත....

1/05/2010

පඩත්තල කවි

කලකදි වහලු තව කලකදි රස වේලූ
කලකදි එල වේලු කලකදි කුණු වේලු
කලකදි රජ වේලු කලකදි බලු වේලු
කලකදි ප්‍රේමි කලකදි ද්‍රෝහිය වේලු

යාචක දන්සල් දෙන උතුමාණන්
මතට තිත තැබූ හෙළ නිරිඳානන්
රටක හෙටක් සුව කරන වෙදානන්
අපේ භාරකරු ‍මහ රජිඳානන්

මම මේ හමුවට එනවා යනවා
අරලිය මල් කොල ම‍ට පෑගෙනවා
සුරා බිඳක් මගෙ තොල ගෑවෙනවා
එල්ලාවල හිමි ස‍මාව දෙනවා

ජැකයි, පාඨලියි, සෝමෙයි, රතනයි
රේණුයි කුසුමුයි කුමාරි අක්කයි,
මඩ හෝදන්නට එන ලිඳ මේකයි
මේ ලිඳ ලඟ ඇස් බී අවිවේකයි

12/08/2009

මාධ්‍ය එල්ලා මිය යා යුතුව ඇත


වර්තමානයේ මිනිස් දිනචරියාවේ මූලිකාංගයක් බවට රූපවාහිනිය පත්වී ඇත. රූපවාහිනිය තරම් නොවූවත් තාමත් පුවත්පත, ගුවන්විදුලිය යන මාධ්‍යවලට මිනිස් ජීවන රටාවට යම් වෙනසක් කලහැකියැයි පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවේ.
ප්‍රවේශය ඇල් මැරුණු නමුත් දෙවරක් සිතිය යුතු මාතෘකාවක් පිළිඹඳ කතිකාවතක් ඇතිකිරීමටය. සිද්ධිය ලෙස මුලින්ම ගෙනහැර පානුයේ සිසුවියන් තිදෙනෙකු කනේරු ඇට කා සියදිවි නසාගැනීමය. එතැනින් කාවින්ද්‍යා ටයි පටියකින් ගෙල වැල ලා මියයන අතර එතැන්සිට සිසු සිසුවියන් මෙතෙක් නොවූ විරූ අයුරින් සිය දිවි නසාගෙන ඇත.
මින් පෙර අතරින් පතර මෙවැනි සිද්ධි පිළිබඳ වාර්තා වුවත් එක දිගට පසුකාලීනව මෙය දිගින් දිගට සිදුවීමට යම් හේතුවක් තිබිය යුතුය. අදාල හේතුව ලෙස මට පෙනීයනුයේ වගකීමකින් තොර වාර්තාකරණයයි.මෙය මුල් සිද්ධියේදී එතරම් දරුණු ලෙස කල එලි නොබැස්සත් කාවින්ද්‍යාගේ මරණය වාර්තාකරණයේදී නම් ඛේදජනක අන්දමට සිදුවිය.
කාවින්ද්‍යා මිය ගියේය. මගේ වෑයම ඇයව අපකීර්තියට පත් කිරීමට නොවේ. නමුත් මාධ්‍ය ඇයව ඉතා අසම්භාවී ලෙස පාරිශුද්ධත්වයට පත් කලේ කාවින්ද්‍යාගේ ගුරුන්ට එලව එලවා පහර දෙමිනි අද වන විට එහි තත්වය ගැන මාධ්‍ය හාංකවින්සියක් නොදනී. ඔවුන් දන්නේ සිය ප්‍රවෘත්තිය විකුණාගැනීමට පමණි.
ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් කාවින්ද්‍යාගේ සමවයස් සිසුන් තුල කාවින්ද්‍යා කල ක්‍රියාව නිරවද්‍ය වන අතර කාවින්ද්‍යා මාධ්‍ය විසින් සුද්ද කල ආකාරයට ඔවුන්ද මාධ්‍ය වෙතින් රැකවරණයක් බලාපොරොත්තු වේ. ඒ නිසා ඔවුන් සිය දිවි නසා ගනී. ලංකාවේ දරුවන් නිරමාණය වී ඇත්තේද එම විදිහටය ලංකාවේ අවුරුදු 15 යනු තනිව තීරණ ගත හැකි වයසක් නොවේ කොටින්ම අවුරුදු 15 දරුවෙකු යනු තාම බබෙකි.
ලංකාවේ දැනට මාධ්‍ය සදාචාරයක් නැත.ඇත්තේ මාකටිං සදාචාරයකි. එසේ නැතිනම් මම දන්න මාධ්‍ය සදාචාරය වෙන එකක් වීමට වෙන්නටද පුළුවන. එහිදීලා මාධ්‍ය ඉටුකරනුයේ සිය මාකටිං මෙහෙවාර මිස ඔවුන්ගෙන් සැබැවින්ම ඉටුවිය යුතු සමාජ මෙහෙවර නොවේ.මාධ්‍යයෙන් සමාජය බලාපොරොත්තු රජතුමාට කඩෙ යාම හෝ හුළඟ යන අතට රුවල ඇදීම නොවේ.මාධ්‍ය සැබැවින්ම අවශ්‍ය වනුයේ මනුෂ්‍යාගේ යහපත උදෙසාය.
තවදුරටත් මාධ්‍ය පවතින්නේ මේ ආකාරයට නම් සමාජය විසින් මාධ්‍ය එල්ල දැමීමට පෙර මාධ්‍ය එල්ලී හෝ කනේරු ඇට කා සියදිවි නසාගැනීම යහපති.