

මැණික් ෆාම්හි කලාප අංක 1,2, හා 3 තුල සිටිනුයේ යුද්ධයෙන් මුලින්ම පලා ආ වැසියන් හෙවත් "කොටි" භාවය අඩුම වැසියන්ය.රාමනාදන් හා ආනන්ද කුමාරස්වාමි ගම්මානද අයත් වන්නේ පෙරකී කලාපවලටය. මෙය සාපේක්ෂව අනෙක් කලාපවලට වඩා නිදහස් හා පහසුකම් වැඩි තත්වයක් පවතින කලාපයකි. එම නිසා රැඳවියන්ට කඳවුරු අතර සංසරණය වීමේ නිදහසක්ද පවතින බැවින් "දිවි" සෑදීමේ වැඩි සම්භාවිතාවක් පවතින්නේද උක්ත කඳවුරු තුලය.
ගංවතුර ගැලුවද, කූඩාරම්වලට වතුර දැම්මද, සිය නිදාගන්න පැදුර එම වතුරේ ගහගෙන ගියද, එම රැඳවියන් ඉවසාදරාගත යුතුය. හේතුව එක්කෝ ඔවුන් කොටින්ට කඩේ ගිය නිසාය නැත්නම් අඩියෙන් අඩිය බිම්බෝම්බ වල දමා ඇති නිසාය. මෙය බලන ඔබට, ලියන මට සහ අප මහා රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු පරිවාර ඇමති මණ්ඩලය හා සකල විධ ජනතාවට දිනපතා හැදෙන වැසිකිලි යාමේ අවශ්‍යතාවයද සපුරාගත නොහැකිව වැසිකිලි වලවල් උතුරා ගියද ඔවුන් ඉවසා දරාගත යුතුය. ඒ පෙරකී කාරණා නිසාය.
මානව හිමිකම් කාරයින්ට පිස්සු හැදිලාය. උන් දන්න බම්බුවක් නැත. කොටි ටික හොයලා ඉවරයක් කරනකම් මැණික්ෆාම් වැසෙන්නේ නැත. සියල්ල සිදුවන්නේ ඕක ඇතුලේ ඉන්න එවුන්ගේ වැරැද්ද නිසාය. කොටි ටික අල්ලලා බාර දුන්නේ නම්, වැසිකිලි යනකොට කාපු ඔක්කම දැම්මේ නැතිනම්, නිදාගත්තේ නැත්නම් හා බිම්බෝම්බ වල දැම්මේ නැත්නම් කිසි ගැටළුවක් නැත.
අවශ්‍ය වනුයේ ජනතාව රඳවා තබා ගැනීමට නම් අඩුගණනේ ඔවුන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවත් සපුරා ගැනීමට පහසුකම් සපයා දිය යුතුය. දැන් ඔවුන්ගෙන් එලි බහින්නේ කොටින් සමූලඝාතනය කල තරහා නොව මිනිසාට සිය ප්‍රාථමික අවශ්‍යතා නොමැතිවූකල පැනනගින ක්‍රෝධයයි. මෙයට විසඳුමක් නොයෙදුවහොත් ඊලඟට මෙය මීට වඩා දරුණු හා කලහකාරී ලෙස එලිබසිනු ඇත.