7/01/2009

සම්මාදම



සුබ සාධක රැස්වීම.

කරපු වැඩකට ඇති සුබ සාධනයක් නෑ. ඒ වුනාට කලට වෙලාවට පඩියෙන් අදාල ටික නම් ගන්න අමතක වෙන්නෙ නෑ. සභාපති ලේඛම් දෙපලගේ කතාවෙන් පස්සෙ යෝජනා 2ක් ආවා.
එකක් පටබැඳිගෙන්
අනික බණ්ඩාරගෙන්.
පටබැඳිගේ යේජනාවට මම ඡන්දය දුන්නේ පටයා මගේ යාලුවා විතරක් හින්දා නම් නෙමෙයි. අනික හමුදා රෝහලක බිත්තියේ තීන්ත ගානවට වඩා බඩු ටිකක් අරන් ඒ මිනිස්සු ගාවට යන එක වටිනවා කියලා මට හිතුනා. සහනාධාර අරන් යන පැත්ත පරාද වුනේ අපිටවත් හිතාගන්න බැරි ඉදිහට. තීන්ත ගාන්න ඡන්ද 43ක් තිබුනා.

අන්තිමට අපි තීරණය කලා හැමෝම ලඟට ගිහින් මේක කතා කරන්න.

"උඹට ඕනිනම් ඔය දෙමලුන්ට කන්න ගෙනියපන් අපිට රටේ තොටේ පාරෙ බැහලා ඇවිදින්න දුන්න මිනිස්සුන්ට අපි මොනවා හරි කරනව "

"කොටින්ට උදව් කරපු එවුන්ට කන්න දෙන්න අපිට ඕන කමක් නෑ."

අමාරුවෙන් හොයාගත්ත රුපියල් පනස්දාහෙන් පටන් අරගෙන අපි අපේ ගමන පටන් ගත්තා.

ඒත් හමුදා රෝහලේ තීන්ත ගාපු උන්ද නැත්නම් සහනාධාර අරන් ගිය අපිද වැරදි. මම හැමදාම වගේ මම හරි යන මතය වෙනුවෙන් පෙනී සිටිමි.

6/18/2009

සරසවි දේශපාලනය.


කැලණිය විශ්වවිද්‍යාල සිසුන් සහ ගම්වැසියන් අතර ගැටුමකින් නැවත දැනුම් දෙන තුරු කැලණි සරසවිය වහලා දමලා. පත්තර බලපු ප්‍රවෘත්ති අහපු අය ඉන්නවනම් මේක මහ ලොකු ආරංචියක් නෙමෙයි. මෙච්චර දෙයක් වුනා. අනික් විශ්වවිද්‍යාලවල සමහරක් මේක දන්නෙවත් නෑ.
ඉතින් ඇයි ඒ දන්නේ නැත්තේ........ !
රැල්ලොන්ට අනුව නම් උන් අලයෝ.ඒත් ඇයි උන්ට එහෙම වුනේ.

මම දකින විදිහට ගැටලුව තියෙන්නේ දේශපාලනයේ. මිනිහා දේශපාලන සත්වයෙක් නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන්නේ හත්දෙයියනේ වෙනම සතෙක්ද. ඒත් ගැටලුව තියෙන්නේ දැනට විශ්වවිද්‍යාල තුල පවතින ප්‍රවාහය උචිත දේශපාලනයක් නොවෙන එක.ශිෂ්‍යයින් එක පක්ශයකට කඩේ යනකොට උප කුලපති තව පක්ශයකට කඩේ යනවා.

ඔන්න ලංකාවේ සරසවි තුල තත්වය..........

විශ්වවිද්‍යාලතුල දේශපාලනයක් තිබිය යුතුය කියන එකට විවාදයක් නෑ. දේශපාලන පක්ෂ මේ සරසවි වලට ගෑවීමෙන් මූලිකව ගැටලු දෙකක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා

  1. දේශපාලන පක්ශයේ න්‍යායපත්‍රය අනුව ක්‍රියා කල යුතු වීම.
  2. ප්‍රතිවිරුද්ධ අදහස් දරන සිසුන් අතර මත ගැටුම් ඇතිවීම.
හැම ගැටුමකටම මුල පක්ශ දේශපාලනය.එක පැත්තක් රැල්ලො අනික් එවුන් අලයො නැත්නම් බොගයෝ.වෙනත් ගැටුම් තියෙන්නේ බොහොම අල්පයක්.
ඉතින් පක්ෂ වලට කඩේ යන්නේ නැති මහා ශිෂ්‍ය සංගමයක් විශ්වවිද්‍යාලතුල හැකි ඉක්මනින් ඇතිවිය යුතුය. නැත්නම් ලංකාවේ
පාසලක හා සරසවියක වෙනස නිල ඇඳුම පමණක්ම වනු ඇත..

ඇරඹුම

ඔක්කම ඉවත් කරලා අලුතින් පටන් ගත්තා. මිනිහා කියන්නේ දේශපාලන සත්වයෙක්ලු. මම මිනිහෙක් මම දකින මගේ දේශපාලනය මට ඕනි විදිහට මම කියනවා. අකමැති නම් අකමැත්ත ප්‍රකාශ කරන්න හේතු දක්වන්න. බුද්ධිමත් සංවාදයක් ගොඩ නැගෙනවානම් ඒ ඇති.