7/01/2009

සම්මාදම



සුබ සාධක රැස්වීම.

කරපු වැඩකට ඇති සුබ සාධනයක් නෑ. ඒ වුනාට කලට වෙලාවට පඩියෙන් අදාල ටික නම් ගන්න අමතක වෙන්නෙ නෑ. සභාපති ලේඛම් දෙපලගේ කතාවෙන් පස්සෙ යෝජනා 2ක් ආවා.
එකක් පටබැඳිගෙන්
අනික බණ්ඩාරගෙන්.
පටබැඳිගේ යේජනාවට මම ඡන්දය දුන්නේ පටයා මගේ යාලුවා විතරක් හින්දා නම් නෙමෙයි. අනික හමුදා රෝහලක බිත්තියේ තීන්ත ගානවට වඩා බඩු ටිකක් අරන් ඒ මිනිස්සු ගාවට යන එක වටිනවා කියලා මට හිතුනා. සහනාධාර අරන් යන පැත්ත පරාද වුනේ අපිටවත් හිතාගන්න බැරි ඉදිහට. තීන්ත ගාන්න ඡන්ද 43ක් තිබුනා.

අන්තිමට අපි තීරණය කලා හැමෝම ලඟට ගිහින් මේක කතා කරන්න.

"උඹට ඕනිනම් ඔය දෙමලුන්ට කන්න ගෙනියපන් අපිට රටේ තොටේ පාරෙ බැහලා ඇවිදින්න දුන්න මිනිස්සුන්ට අපි මොනවා හරි කරනව "

"කොටින්ට උදව් කරපු එවුන්ට කන්න දෙන්න අපිට ඕන කමක් නෑ."

අමාරුවෙන් හොයාගත්ත රුපියල් පනස්දාහෙන් පටන් අරගෙන අපි අපේ ගමන පටන් ගත්තා.

ඒත් හමුදා රෝහලේ තීන්ත ගාපු උන්ද නැත්නම් සහනාධාර අරන් ගිය අපිද වැරදි. මම හැමදාම වගේ මම හරි යන මතය වෙනුවෙන් පෙනී සිටිමි.

3 බෙදාගෙන:

Kasun said...

සුළුතරයෙන් එකෙක් වීමට උනත් නිවැරදි දේ, හා වඩා අවශ්‍ය දේ වෙනුවෙන් පෙනී සිටීම තමයි වැදගත්,
දස දහස් ගණනක මිනිසුන්ගේ වේදනාවන් ගැන සවිඥානික බවක් නැති කාලකණ්නි මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ලැබීම එක අතකට පවක්.
ඒත් ලෝකය වඩාත් සුන්දර වෙන්නේ ඒ රැල්ලටම නොගොස්, කල හැකි යම් අයුරකින් හෝ යහපත් හා නිවැරදිම දේ වෙනුවෙන් පෙනී සිටින හා ක්‍රියාකරන්නන් නිසා.

malee_msg said...

ඔය විදියේ කථා මමත් අහලා තියනවා.. මම දන්නේ නැහැ.. අපි භූමිය නිදහස් කර ගත්ත නිදහස සමරන එකේ තේරුමක් තියනවාද කියලා මේ විදියට හිත් වලින් යුද්ධ කර කර...

said...

ආධාර තමයි වැදගත් තීන්ත වලට වඩා

Post a Comment