9/27/2009

අහෝ දෙව්දත් නොදිටි මොක්පුර


ලංකාවේ ජීවත් වෙනවානම් ක්‍රම තුනකි.

  1. සිදුවන සියල්ල ගැන දැනුවත්ව මේක අපේ කරුමෙ මොනවා කරන්නද කියලා කටවහගෙන ඉඳීමය
  2. සිදුවන කිසිවක් නොදන්නවා වගේ ඉඳගෙන "ෂා මරු ඔක්කොම හොඳට යනවා" කියා පාරම් බෑමය.
  3. වෙන දේවල් ඔක්කොම බල බල ඉවසාගත නොහැකිව "හොරෙක් හොරෙක්" කියා බෙරිහන් දීමය.
  • පලවෙනි ක්‍රමය අනුගමනය කරන්නා බෙල්ලේ ලණුවක් හෝ රුපියල් සියයක මී පාසානන් කා නිර්වාණය සැපත් කරගනී.
  • දෙවන ක්‍රමය අනුගමනය කරන්නා දහසක් බැඳි පියලි ඇතුන් බරට හිමිකරගෙන දැහැමෙන් සෙමෙන් ආයු වළඳා පරලෝකප්‍රාප්ත වේ.
  • තෙවන ක්‍රමය අනුගමනය කරන්නා සුදු වෑන් එකක එන මාතලී විසින් දිව්‍ය ලෝකය වෙත රැගෙන යනු ලබයි.
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර........!

4 බෙදාගෙන:

Anonymous said...

තුන තෝර ගන්නවද නැද්ද කියන එක ගැන දෙගිඩියාවකින් ඉන්නේ මේ දවස් වල. මම හිතන්නේ ඔබ තවත් කැටිගරියක් එකතු කරන්න වෙනවා මේ අය ගැන..

ගෝරා said...

මචං....තුන තෝරගෙන කෑ ගගහා ඉදලා හරියන්නේ නැහැ...(අපි වගේ) වැඩකරන්න ඕන

මිගාර said...

4 වෙනි ක්‍රමේකුත් තියෙනවා. අනේ මෙහේ හොරු, අනේ මෙහේ අපට ගහනවා කියල බොරුවට කියල රෙෆියුජි වීසා එකක් අරන් රට පනිනවා

5 වෙනි ක්‍රමේකුත් තියෙනවා. සැරින් සරේ රට යන ගමන් මෙහේ කේලම් එහේ කියනවා. කේලම් බලනවාට හොඳට ගෙවනවා. ඕනෙ නම් කේලම් බලන ආයතනයක් දා ගන්නත් පුළුවන්. ඉස්සර නම් කේලම් බලන ආයතන වල වාහන චෙක් කළෙත් නැහැනෙ? දැන්නම් එහෙම ටිකක් අමාරුයි.

maalinda said...

TRUE. our coutry is now a play ground of dirty politicons.

Post a Comment