1/05/2010

පඩත්තල කවි

කලකදි වහලු තව කලකදි රස වේලූ
කලකදි එල වේලු කලකදි කුණු වේලු
කලකදි රජ වේලු කලකදි බලු වේලු
කලකදි ප්‍රේමි කලකදි ද්‍රෝහිය වේලු

යාචක දන්සල් දෙන උතුමාණන්
මතට තිත තැබූ හෙළ නිරිඳානන්
රටක හෙටක් සුව කරන වෙදානන්
අපේ භාරකරු ‍මහ රජිඳානන්

මම මේ හමුවට එනවා යනවා
අරලිය මල් කොල ම‍ට පෑගෙනවා
සුරා බිඳක් මගෙ තොල ගෑවෙනවා
එල්ලාවල හිමි ස‍මාව දෙනවා

ජැකයි, පාඨලියි, සෝමෙයි, රතනයි
රේණුයි කුසුමුයි කුමාරි අක්කයි,
මඩ හෝදන්නට එන ලිඳ මේකයි
මේ ලිඳ ලඟ ඇස් බී අවිවේකයි

7 බෙදාගෙන:

malee_msg said...

ඔන්න සුදු වෑන් එකක් ‍එනෝ..,!!!

මරු කවිය ඈ..,!!!

Prabath Chaminda said...

එල කවි පෙල,

Anonymous said...

කවුදෝ පඩත්තලයෙකුගෙ වැඩක්...........
පව්නේ පොඩි එකාගෙ ආසාවනේ...................

Dasun Wanaguru said...

පඩත්තලයා....

කිරිමාමා said...

Manaram..!

Tharu said...

එළ එළ දාන්න පහක්...

මම දන්න විදිහ හරිද දන්නෑ

පඩත්තල කියන වචනය පැහැදිලි කරගන්න භාෂා විශාරදයෙක් උදව් කළොත් හොදයි.

ගෝමස් said...

මටත් දැම්මට පස්සෙ බයයි බයයි වගේ බොරු නැති නිසා අවුලක් නෑ..
මොකෝ දසුන් රිදුනද...

Post a Comment