වර්තමානයේ මිනිස් දිනචරියාවේ මූලිකාංගයක් බවට රූපවාහිනිය පත්වී ඇත. රූපවාහිනිය තරම් නොවූවත් තාමත් පුවත්පත, ගුවන්විදුලිය යන මාධ්‍යවලට මිනිස් ජීවන රටාවට යම් වෙනසක් කලහැකියැයි පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවේ.
ප්‍රවේශය ඇල් මැරුණු නමුත් දෙවරක් සිතිය යුතු මාතෘකාවක් පිළිඹඳ කතිකාවතක් ඇතිකිරීමටය. සිද්ධිය ලෙස මුලින්ම ගෙනහැර පානුයේ සිසුවියන් තිදෙනෙකු කනේරු ඇට කා සියදිවි නසාගැනීමය. එතැනින් කාවින්ද්‍යා ටයි පටියකින් ගෙල වැල ලා මියයන අතර එතැන්සිට සිසු සිසුවියන් මෙතෙක් නොවූ විරූ අයුරින් සිය දිවි නසාගෙන ඇත.
මින් පෙර අතරින් පතර මෙවැනි සිද්ධි පිළිබඳ වාර්තා වුවත් එක දිගට පසුකාලීනව මෙය දිගින් දිගට සිදුවීමට යම් හේතුවක් තිබිය යුතුය. අදාල හේතුව ලෙස මට පෙනීයනුයේ වගකීමකින් තොර වාර්තාකරණයයි.මෙය මුල් සිද්ධියේදී එතරම් දරුණු ලෙස කල එලි නොබැස්සත් කාවින්ද්‍යාගේ මරණය වාර්තාකරණයේදී නම් ඛේදජනක අන්දමට සිදුවිය.
කාවින්ද්‍යා මිය ගියේය. මගේ වෑයම ඇයව අපකීර්තියට පත් කිරීමට නොවේ. නමුත් මාධ්‍ය ඇයව ඉතා අසම්භාවී ලෙස පාරිශුද්ධත්වයට පත් කලේ කාවින්ද්‍යාගේ ගුරුන්ට එලව එලවා පහර දෙමිනි අද වන විට එහි තත්වය ගැන මාධ්‍ය හාංකවින්සියක් නොදනී. ඔවුන් දන්නේ සිය ප්‍රවෘත්තිය විකුණාගැනීමට පමණි.
ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් කාවින්ද්‍යාගේ සමවයස් සිසුන් තුල කාවින්ද්‍යා කල ක්‍රියාව නිරවද්‍ය වන අතර කාවින්ද්‍යා මාධ්‍ය විසින් සුද්ද කල ආකාරයට ඔවුන්ද මාධ්‍ය වෙතින් රැකවරණයක් බලාපොරොත්තු වේ. ඒ නිසා ඔවුන් සිය දිවි නසා ගනී. ලංකාවේ දරුවන් නිරමාණය වී ඇත්තේද එම විදිහටය ලංකාවේ අවුරුදු 15 යනු තනිව තීරණ ගත හැකි වයසක් නොවේ කොටින්ම අවුරුදු 15 දරුවෙකු යනු තාම බබෙකි.
ලංකාවේ දැනට මාධ්‍ය සදාචාරයක් නැත.ඇත්තේ මාකටිං සදාචාරයකි. එසේ නැතිනම් මම දන්න මාධ්‍ය සදාචාරය වෙන එකක් වීමට වෙන්නටද පුළුවන. එහිදීලා මාධ්‍ය ඉටුකරනුයේ සිය මාකටිං මෙහෙවාර මිස ඔවුන්ගෙන් සැබැවින්ම ඉටුවිය යුතු සමාජ මෙහෙවර නොවේ.මාධ්‍යයෙන් සමාජය බලාපොරොත්තු රජතුමාට කඩෙ යාම හෝ හුළඟ යන අතට රුවල ඇදීම නොවේ.මාධ්‍ය සැබැවින්ම අවශ්‍ය වනුයේ මනුෂ්‍යාගේ යහපත උදෙසාය.
තවදුරටත් මාධ්‍ය පවතින්නේ මේ ආකාරයට නම් සමාජය විසින් මාධ්‍ය එල්ල දැමීමට පෙර මාධ්‍ය එල්ලී හෝ කනේරු ඇට කා සියදිවි නසාගැනීම යහපති.
12/08/2009
මාධ්‍ය එල්ලා මිය යා යුතුව ඇත
10/29/2009
අහසට වෙඩි තැබූ උණ්ඩය ඔලුවට පාත් වීම
උදය නනායක්කාරට අනුව සිදුවී ඇත්තේ මෙයය. එක අතකට මැණික් ෆාම්වල ඉන්නේ කොටිය නැත්නම් කොටින්ට කඩේ ගිය දෙමළ ජනතාවය. අවුරුදු 3 වයසැති දරුවාත්, පසුව වව්නියා රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුලත් කල 6 හැවිරිදි නිදර්ශිකාත්, කොටින්ට කඩේ ගිය දෙමව්පියන්ට ජාතක වී ඉපැදුනු නිසා රජ බිසවගෙන් ළමාදිනයේදී "කිස්" එකක් ලබාගත නොහැකිවූ පවින් හා දුවන එක හරියට දුවගන්න බැරිනිසා තුවාල ලැබීමට සිදුවිය.
මැණික් ෆාම්හි කලාප අංක 1,2, හා 3 තුල සිටිනුයේ යුද්ධයෙන් මුලින්ම පලා ආ වැසියන් හෙවත් "කොටි" භාවය අඩුම වැසියන්ය.රාමනාදන් හා ආනන්ද කුමාරස්වාමි ගම්මානද අයත් වන්නේ පෙරකී කලාපවලටය. මෙය සාපේක්ෂව අනෙක් කලාපවලට වඩා නිදහස් හා පහසුකම් වැඩි තත්වයක් පවතින කලාපයකි. එම නිසා රැඳවියන්ට කඳවුරු අතර සංසරණය වීමේ නිදහසක්ද පවතින බැවින් "දිවි" සෑදීමේ වැඩි සම්භාවිතාවක් පවතින්නේද උක්ත කඳවුරු තුලය.
ගංවතුර ගැලුවද, කූඩාරම්වලට වතුර දැම්මද, සිය නිදාගන්න පැදුර එම වතුරේ ගහගෙන ගියද, එම රැඳවියන් ඉවසාදරාගත යුතුය. හේතුව එක්කෝ ඔවුන් කොටින්ට කඩේ ගිය නිසාය නැත්නම් අඩියෙන් අඩිය බිම්බෝම්බ වල දමා ඇති නිසාය. මෙය බලන ඔබට, ලියන මට සහ අප මහා රාජෝත්තමයාණන් වහන්සේ ඇතුළු පරිවාර ඇමති මණ්ඩලය හා සකල විධ ජනතාවට දිනපතා හැදෙන වැසිකිලි යාමේ අවශ්‍යතාවයද සපුරාගත නොහැකිව වැසිකිලි වලවල් උතුරා ගියද ඔවුන් ඉවසා දරාගත යුතුය. ඒ පෙරකී කාරණා නිසාය.
මානව හිමිකම් කාරයින්ට පිස්සු හැදිලාය. උන් දන්න බම්බුවක් නැත. කොටි ටික හොයලා ඉවරයක් කරනකම් මැණික්ෆාම් වැසෙන්නේ නැත. සියල්ල සිදුවන්නේ ඕක ඇතුලේ ඉන්න එවුන්ගේ වැරැද්ද නිසාය. කොටි ටික අල්ලලා බාර දුන්නේ නම්, වැසිකිලි යනකොට කාපු ඔක්කම දැම්මේ නැතිනම්, නිදාගත්තේ නැත්නම් හා බිම්බෝම්බ වල දැම්මේ නැත්නම් කිසි ගැටළුවක් නැත.
අවශ්‍ය වනුයේ ජනතාව රඳවා තබා ගැනීමට නම් අඩුගණනේ ඔවුන්ට අවශ්‍ය මූලික අවශ්‍යතාවත් සපුරා ගැනීමට පහසුකම් සපයා දිය යුතුය. දැන් ඔවුන්ගෙන් එලි බහින්නේ කොටින් සමූලඝාතනය කල තරහා නොව මිනිසාට සිය ප්‍රාථමික අවශ්‍යතා නොමැතිවූකල පැනනගින ක්‍රෝධයයි. මෙයට විසඳුමක් නොයෙදුවහොත් ඊලඟට මෙය මීට වඩා දරුණු හා කලහකාරී ලෙස එලිබසිනු ඇත.
10/27/2009
කාලකණ්ණිකම
මගේ ජොකා හිල්වෙලාය.
ඉලාස්ටික් පවා එලියට පැනලාය.
ඒත්...................
මගේ ඩෙනිම අළුත්ය.
මගේ බයික් එක දිනපතා හෝදනවාය.
250 CBR එකක්ය.
ඒත්...........
දුවන්නේ භූමිතෙල් වලින්ය.
ඔරලෝඅසුව ROLEX ය.
අළුත්ම මොඩල් එකක්ය.
ඒත්...........
කටු දුවන්නේ නැතිය.
කතාව කඩ්ඩෙන්ය
කන්නේ පොෂ් කෑමය.
ඒත්.................
ඇඟේ දුවන්නේ ලේය...
ලිව්වේ ගෝමස් වෙලාව 9:27 PM 8 බෙදාගෙන
පැලැස්තර හෙණ වදිනකොට ලියපු කවි
9/27/2009
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර
ලංකාවේ ජීවත් වෙනවානම් ක්‍රම තුනකි.
- සිදුවන සියල්ල ගැන දැනුවත්ව මේක අපේ කරුමෙ මොනවා කරන්නද කියලා කටවහගෙන ඉඳීමය
- සිදුවන කිසිවක් නොදන්නවා වගේ ඉඳගෙන "ෂා මරු ඔක්කොම හොඳට යනවා" කියා පාරම් බෑමය.
- වෙන දේවල් ඔක්කොම බල බල ඉවසාගත නොහැකිව "හොරෙක් හොරෙක්" කියා බෙරිහන් දීමය.
- පලවෙනි ක්‍රමය අනුගමනය කරන්නා බෙල්ලේ ලණුවක් හෝ රුපියල් සියයක මී පාසානන් කා නිර්වාණය සැපත් කරගනී.
- දෙවන ක්‍රමය අනුගමනය කරන්නා දහසක් බැඳි පියලි ඇතුන් බරට හිමිකරගෙන දැහැමෙන් සෙමෙන් ආයු වළඳා පරලෝකප්‍රාප්ත වේ.
- තෙවන ක්‍රමය අනුගමනය කරන්නා සුදු වෑන් එකක එන මාතලී විසින් දිව්‍ය ලෝකය වෙත රැගෙන යනු ලබයි.
9/07/2009
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ
9/02/2009
මමත් කොටියෙක්ද දන්නෙ නෑ...
8/18/2009
අහෝ ඛේදයකි....!
8/05/2009
පසුවදන
මුලින් ගුරු ගෙදරින් පටන් ගැනුන ලාංකීය අධ්‍යාපනය පසුව පාසල දක්වා වර්ධනය වූයේ මිනිසුන්ගේ චින්තනය මෙන්ම සාමාජීය වර්ධනයක් ලෙස මම පැහැදිලි කර ගනිමි. ඉන්දරේ විසින් ඉදිරිපත් කරන ලද කාවින්ද්‍යාගේ සටහන එම චින්තනීය විප්ලවයේ පැහැදිලි තිරිසන්භාවය මැනවින් දර්ශනය කොට ඇත.
කෙසේ වෙතත් මගේ වෑයම ඉන්දෙරේට පසු වදනක් සැපයීමය.
ලංකාව තුල වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට තහනම් කර ඇත.ඒ අනුව ලංකාව තුල ජීවත් විය යුත්තේ ලමයින් පමණි මින් මතුවට ලංකාවේ චිත්‍රපට තුලින් සමලිංගිකත්වය, ලිංගික ගැටලු, කොටින්ම ස්ත්‍රී දූෂනයක් වුවද සාකච්ඡා කල නොහැක.
එතැනින් අපි කාවින්ද්‍යා දෙසට හැරෙමු. අවුරුදු 13-15 යනු ගැහැනු ලමුන් බහුතරයක් වැඩිවිය පත්වන්නා වූ වයස් සීමාව ලෙස මගේ සීමිත ජීව විද්‍යා දැනුමට අනුව මම දැන සිටිමි. ලමයින්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාවය පැනනැගෙන්නේ මෙම අවදියේදීය. නමුත් සිදුවනුයේ ලිංගිකත්වය හැකිතාක් සැඟවීම නොවේද ?. ද්වීතීයක ලිංගික ලක්ෂණ හා සබැඳුනු කුතුහලය නිසා කාම නරුමයන්ගේ ගොදුරු බවට පත්වීමද නිතැතින්ම සිදුවන්නේ එහි අතුරු ප්‍රතිඵලයක් වශයෙනි. ලාංකීය අධ්‍යාපන ක්‍රමය තුලින් මෙම අයිතිය ලමයින්ට නොලැබෙන හෙයින් අදාල වයස් සීමාව තුල බහුතරයක් සිසුන්හට ලිංගිකත්වය මැජික් එකක් මෙන් දර්ශය වීම මම සාධාරනීකරණය කරමි.
මා කතා කරනුයේ කාවින්ද්‍යාගේ ජංගම දුරකථනයේ අදාල චිත්‍රපට තිබුනායැයි ස්ථාවර්යේ සිටගෙනය.
එසේ නොවූවානම්.....
කාවින්ද්‍යා රෝහලට ගෙනයන විටත් ඇගේ ටයි පටිය බෙල්ලටම තදවී තිබුණි. එය බුරුල් කිරීමට මහා උගත් එකදු ගුරුවරයෙකුහටවත් නොහැකිවීද. ප්‍රථමාධාර මෙවැනි අමනොඥ ගුරුවරුන් නොදන්නවා විය යුතුය. මෙය මියුසියස් විදුහල තුල සිදුවූ ප්‍රථම දිවිනසාගැනීම නම් කමකුත් නැත. නමුත් මිනිස් ජීවිතයක් නිසා කමක් නැත්තේද නැත. මින් පෙරද ශිෂ්‍යාවක් උඩුමහලකින් පහලට පැන දිවිනසාගත් කතාවකුත් ඇත.
ලංකාව තුල තවදුරටත් මෙසේ ලිංගිකත්වය මැජික් එකක් වූවොත් මීලඟ ප්‍රතිඵලය මීට වඩා දරුණු විය හැක. මේ නිසා සිදුවන ගබ්සා මරණ ගණන් බැලීමටද නොහැක. තවත් මහා සංස්කෘතික හරඹ කරන උගතුන්ගෙන් වැඩක් නැත. අවශ්‍ය තත්වය දැන එයට පිලියම් යෙදීමය.
7/01/2009
සම්මාදම
සුබ සාධක රැස්වීම.
කරපු වැඩකට ඇති සුබ සාධනයක් නෑ. ඒ වුනාට කලට වෙලාවට පඩියෙන් අදාල ටික නම් ගන්න අමතක වෙන්නෙ නෑ. සභාපති ලේඛම් දෙපලගේ කතාවෙන් පස්සෙ යෝජනා 2ක් ආවා.
එකක් පටබැඳිගෙන්
අනික බණ්ඩාරගෙන්.
පටබැඳිගේ යේජනාවට මම ඡන්දය දුන්නේ පටයා මගේ යාලුවා විතරක් හින්දා නම් නෙමෙයි. අනික හමුදා රෝහලක බිත්තියේ තීන්ත ගානවට වඩා බඩු ටිකක් අරන් ඒ මිනිස්සු ගාවට යන එක වටිනවා කියලා මට හිතුනා. සහනාධාර අරන් යන පැත්ත පරාද වුනේ අපිටවත් හිතාගන්න බැරි ඉදිහට. තීන්ත ගාන්න ඡන්ද 43ක් තිබුනා.
අන්තිමට අපි තීරණය කලා හැමෝම ලඟට ගිහින් මේක කතා කරන්න.
"උඹට ඕනිනම් ඔය දෙමලුන්ට කන්න ගෙනියපන් අපිට රටේ තොටේ පාරෙ බැහලා ඇවිදින්න දුන්න මිනිස්සුන්ට අපි මොනවා හරි කරනව "
"කොටින්ට උදව් කරපු එවුන්ට කන්න දෙන්න අපිට ඕන කමක් නෑ."
අමාරුවෙන් හොයාගත්ත රුපියල් පනස්දාහෙන් පටන් අරගෙන අපි අපේ ගමන පටන් ගත්තා.
ඒත් හමුදා රෝහලේ තීන්ත ගාපු උන්ද නැත්නම් සහනාධාර අරන් ගිය අපිද වැරදි. මම හැමදාම වගේ මම හරි යන මතය වෙනුවෙන් පෙනී සිටිමි.
6/18/2009
සරසවි දේශපාලනය.
කැලණිය විශ්වවිද්‍යාල සිසුන් සහ ගම්වැසියන් අතර ගැටුමකින් නැවත දැනුම් දෙන තුරු කැලණි සරසවිය වහලා දමලා. පත්තර බලපු ප්‍රවෘත්ති අහපු අය ඉන්නවනම් මේක මහ ලොකු ආරංචියක් නෙමෙයි. මෙච්චර දෙයක් වුනා. අනික් විශ්වවිද්‍යාලවල සමහරක් මේක දන්නෙවත් නෑ.
ඉතින් ඇයි ඒ දන්නේ නැත්තේ........ !
රැල්ලොන්ට අනුව නම් උන් අලයෝ.ඒත් ඇයි උන්ට එහෙම වුනේ.
මම දකින විදිහට ගැටලුව තියෙන්නේ දේශපාලනයේ. මිනිහා දේශපාලන සත්වයෙක් නම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන්නේ හත්දෙයියනේ වෙනම සතෙක්ද. ඒත් ගැටලුව තියෙන්නේ දැනට විශ්වවිද්‍යාල තුල පවතින ප්‍රවාහය උචිත දේශපාලනයක් නොවෙන එක.ශිෂ්‍යයින් එක පක්ශයකට කඩේ යනකොට උප කුලපති තව පක්ශයකට කඩේ යනවා.
ඔන්න ලංකාවේ සරසවි තුල තත්වය..........
විශ්වවිද්‍යාලතුල දේශපාලනයක් තිබිය යුතුය කියන එකට විවාදයක් නෑ. දේශපාලන පක්ෂ මේ සරසවි වලට ගෑවීමෙන් මූලිකව ගැටලු දෙකක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා
- දේශපාලන පක්ශයේ න්‍යායපත්‍රය අනුව ක්‍රියා කල යුතු වීම.
- ප්‍රතිවිරුද්ධ අදහස් දරන සිසුන් අතර මත ගැටුම් ඇතිවීම.
ඉතින් පක්ෂ වලට කඩේ යන්නේ නැති මහා ශිෂ්‍ය සංගමයක් විශ්වවිද්‍යාලතුල හැකි ඉක්මනින් ඇතිවිය යුතුය. නැත්නම් ලංකාවේ
පාසලක හා සරසවියක වෙනස නිල ඇඳුම පමණක්ම වනු ඇත..
ලිව්වේ ගෝමස් වෙලාව 2:32 AM 12 බෙදාගෙන
පැලැස්තර කාලීන